"නොවැම්බර් ව්‍යාපාරයේ කණ්ඩායමක් වූ 'උරුමයට මුලපිරුම' පැනනැගුණේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයේ ගැඹුරට කා වැදුණු සංස්කෘතික සහ උරුමය පිළිබඳ ප්‍රපංචයන් හා බැඳුණු ජනවාර්ගික දේශපාලනික අධ්‍යයනයක් ඔස්සේයි.
ගැටුමට සම්බන්ධ ප්‍රජාවන් අතර යහපත් අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කිරීමේ අරමුණින් 'උරුමයට මුලපිරුම'ප්‍රශ්නයේ ඓතිහාසික මූලයන් සහ කතිකාමය මූලිකාංග අධ්‍යනය කරති.
අධිපති ඉතිහාස කතිකාවන් විසින් බැහැර කරන ලද විද්‍යාත්මක දැනුම සමාජය වෙත ගෙන එන ආකාරය පිළිබඳව ද 'උරුමයට මුලපිරුම'පර්යේෂණ කරමින් සිටිති.
ශ්‍රී ලංකාවේ කල් පවත්නා ගැටුම් විපරිවර්තනයක් සඳහා මිථ්‍යාව වෙනුවට විද්‍යාවත්, බැහැර කිරීම වෙනුවට ඇතුළත් කරගැනීමත් මත පදනම් වූ නව ඉතිහාස කතිකාවක් අවශ්‍ය ය."